විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් රෝග මර්ධන පිළිබඳ සායනික කමිටුවෙන් ඉල්ලා අස්වී ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෙත ඊමේල් හරහා සිය ඉල්ලා අස්වීම දැනුම් දී ඇති වෛද්‍ය විජේවික්‍රම, කොඩිව් කමිටුවේ ගන්නා තීරණ යටපත් වී දේශපාලඥයන් විසින් ගන්නා තීරණ ක්‍රියාත්මක වන තත්වයක් තුල තවදුරටත් කොවිඩ් මර්ධන කමිටුව තුල රැඳී සිටිම තේරුමක් නැතැයි සඳහන් කරයි.
එමෙන්ම එම තිරණ නිසා අනාගතයේදි සිදුවන ව්‍යසනයට තමන්ට වගකීමට නොහැකි බවද විශේෂඥ වෛද්‍ය අබේවික්‍රම සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කරයි.
අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥයෙකු වන වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ශ්‍රී ලංකාව තුල කොරෝනා පැතිරීම ආරම්භ වූ සමයේ සිට කොරෝනා මර්ධනය සඳහා විශිෂ්ට දායකත්වයක් ලබාදුන් වෛද්‍ය විශේෂඥයෙකි.
1










