ඊයේ (06) පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ ගැසට්පත්‍රය සඳහා ඡන්ද විමසීමේ අවස්ථාවට හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණ නැති බව වාර්තාවේ.
එම හදිසි නීති ක්‍රියාත්මක කිරීමට පක්ෂව ඡන්ද 132ක් ලැබී තිබූ අතර එයට විරුද්ධය ඡන්ද 51ක් ලැබී තිබිණි.
මීට සති දෙකකට පමණ පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් ද සාකච්ඡාවක් පැවැත් වුණි.
0










