සැප්තැම්බර් 07 වෙනි දින සම්මත කර ගනු ලබන කළු සල්ලි සුදු කිරීමේ පනතින් පසු කොළඹ කොටස් වෙළඳපොලට කවරාකාරයේ බලපෑම් සිදුවේ දැයි මූල්‍ය විශ්ලේෂකයන්ගේ දැඩි අවධානයට යොමු වී තිබේ.
මේ වන විට කොළඹ කොටස් වෙළඳපොලෙහි මුලු විදේශ ආයෝජන 7%කට පමණ සීමාවී ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසුව පවා එය 37%ක් පමණ තිබුණද, මේ වන විට 7%ක් දක්වා පහත වැටීම මෙම පනත සම්මත කර ගැනීමෙන් අනතුරුව ඉතා කෙටි කාලයකට යම් ප්‍රබෝධයක් ඇතිවිය හැකි බව විශ්ලේශකයන්ගේ අදහස වී ඇත. මෙහි ලියාපදිංචි කර තිබෙන සමාගම් 18ක පමණ කොටස් මිල ඉහල යාම සහ දෛනික ගණුදෙනු ඉහල යාමේ වර්ධනයක් සිදුවිය හැකි බවට පුරෝකතනය කර තිබේ. එහෙත් ඉතා ඉක්මනින්ම විදේශ ආයෝජන යලි ඉවත් කර ගැනීමට ද දේශීය මූල්‍ය සමප්‍රේෂකයන්ගේ යෙදවීම් විශාල වශයෙන් ඉහල යා හැකි බවටද ඔවුන්ගේ පුරෝකතනයයි.
එහෙත් ආණ්ඩුව අපේක්ෂා කරන තරමට විදේශ ආයෝජන කොළඹ කොටස් වෙළඳපොල කෙරෙහි ආකර්ෂනය නොවනු ඇති බව සහ දේශීය ආයෝජකයන් අති විශාල පිරිසකට ඔවුන් යොදවන මුදල් පවා අහිමිවී කිහිප දෙනෙකු අත පමණක් මේ සංකේන්ද්‍රණය විය හැකි බවට පුරෝකතනය කර ඇත.










