අද (06) පාර්ලිමේන්තුවේ පැවති හදිසි නිති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාට බලය පවරාදීම සම්බන්ධ ඡන්ද විමසීමේදී ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන් 18 කට වැඩි පිරිසක් ඡන්දය පාවිච්චි කර නැත.
පසුගිය කාලයේ පාර්ලිමේන්තුවෙන් පැවති තීරණාත්මක ඡන්ද විමසීම්වලදී මන්ත්‍රීවරුන් 151ක් සහ 153ක් වශයෙන් ආණ්ඩුව සමඟ එක්ව ඡන්දය පාවිච්චි කර තිබිණි. එහෙත් අද දින පැවති ඡන්ද විමසීමේදී හදිසි නීති යෝජනාවට පක්ෂව ඡන්ද 132ක් ලැබී තිබුණු අතර 51 දෙනෙකු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.
ආණ්ඩුව සමඟ සිටින මන්ත්‍රීවරුන් විවිධ හේතු නිසා මෙම අවස්ථාවට සහභාගී නොවූ බව දැක්වේ. ඇතැම් මැති ඇමතිවරුන් නිරෝධායනය වන බව දක්වා තිබූ අතර තව කිහිප දෙනෙකු අසනීප තත්වයන් වාර්තා කර තිබූ බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
1










