කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පාඨමාලා හදාරණ සිසු සිසුවියන් විශාල පිරිසක් කොවිඩ් ආසාදනයට ලක්ව හුදකලා කර ඇති බව මාපියන්ගෙන් අනාවරණය වේ.
මෙසේ ආසාදනයට පත් වූ සිසු සිසුවියන් කාමර තුළ හුදකලා කර ඇති අතර ඔවුන්ගේ සැබෑ සෞඛ්‍ය තත්වය පිළිබඳව මාපියන් හට තොරතුරු දැනගත නොහැකිව අසරණව සිටිති. පසුගිය සතිය තුළ ආසාදිත ලක්ෂණ පෙන්වූ සිසුන් 24 දෙනෙකු ඇන්ඩිජෙන් පරීක්ෂණවලට ලක්කර ඇති අතර එයින් 18 දෙනෙකුම ආසාදිතයන් වී ඇති බව දෙමාපියන් වෙත හෙළිවී තිබේ.
මෙසේ ආසාදනය වූවන් රෝහල්ගත කිරීමට හෝ මාපියන්ට මැදිහත්විය නොහැකි සේ හමුදා පාලන අධිකාරිය ක්‍රියාකාරන බව මාපියන් පවසති.
5










