මේ දොරටුව විවෘත කිරීමෙන් අනාගතය බියකරුයි – ජවිපෙ නායක අනුර

මේ දොරටුව විවෘත කිරීමෙන් අනාගතය බියකරුයි – ජවිපෙ නායක අනුර

හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයාට අසීමිත බලයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාදීමෙන් දොර විවෘත කර දීම අතිශය භයානක බව පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුර දිසානායක අනතුරු ඇඟවීය.

අද (06) පාර්ලිමේන්තුවේදී ඔහු මේ අනතුරු ඇඟවීම සිදු කළේ මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය බලාත්මක කිරීමේ අනුමැතිය ජනාධිපතිට පාර්ලිමේන්තුව විසින් ලබාදීමේ බියකරු තත්වය පිළිබඳව හෙළිකරමින් ය. මේ වන විට පාරිභෝගික භාණ්ඩ හා සේවා කෙරෙහි පමණක් ක්‍රියාත්මක කෙරෙන මෙම නීතිය ඉදිරියේදී වෙනත් නීති අත්හිටුවීමට සහ විශේෂ අධිකරණ පිහිටුවීමට පවා යොදා ගත හැකි බව වැඩි දුරටත් පැහැදිලි කළේය.

ජනාධිපතිවරයාට පාර්ලිමෙන්තුවේ 2/3ක බලය ලබාදී ඉන් පසුව 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් තව දුරටත් අසීමිත බලයක් ලබාදී තිබියදී හදිසි අවස්ථා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ බලය ද ලබාදීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයේදී මෙම මූලික කරුණු මතු කරනු ලැබීය.

Facebook
Twitter
LinkedIn