නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී වයස අවුරුදු 60ට වැඩි ජනතාවට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් නිශ්චිතව සනාථ නොකළ තොරතුරු ප්‍රකාශ කර තිබේ.
රජයේ නිල වෙබ් අඩවිය නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ මෙම කරුණු දැක්වීම වාර්තා කර ඇත. ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙන්නේ වයස අවුරුදු 60 වැඩි ජනතාවගෙන් බහුතරයකට එන්නත් ලබාදී අවසන් බවය. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු නිශ්චිත පිළිගත හැකි දත්ත කිසිවක් ඉදිරිපත් කර නැත.
කිනම් දිනයක් අවසන්වන විට එසේ එන්නත් කර තිබෙන්නේ ද, එම එන්නත් කරන ලද සංඛ්‍යාව හෝ වැඩිහිටි ජනතාවගෙන් ප්‍රතිශතයක් හෝ යනාදී කරුණු කිසිවක් ප්‍රකාශ කර නැත. ඒ වෙනුවට “මෙලෙස 60 වැඩි එන්නත් ලබා නොගත් පිරිස රටේ ජනගහනයෙන් සුළු ප්‍රතිශතයක් වුවද, සංඛ්‍යාත්මකව දහස් ගණනක් විය හැකි අතර යම් හෙයකින් මොවුන් අතර රෝගය පැතිරුණු හොත් අනිවාර්යයෙන්ම විශාල ප්‍රතිශතයක් සංකූලතා ඇතිවී මියයාමට ඉඩකඩ පවතින බව” ආදී වශයෙන් ප්‍රකාශ කර තිබේ.










