කබ්රාල්ගෙන් තවත් ගල් පැලෙන බොරුවක්

කබ්රාල්ගෙන් තවත් ගල් පැලෙන බොරුවක්

මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් ජනමාධ්‍ය අමාත්‍යංශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳව මුලුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් කර තිබේ.

රජයේ නිල වෙබ් අඩවිය පසුගිය 05 වෙනිදා මෙම ප්‍රකාශය වාර්තා කර තිබේ. එහි සඳහන් වන්නේ “කොවිඩ් පාලන කටයුතු සම්බන්ධයෙන්ද සාවද්‍ය පුවත් පළවී ඇති බව පවසන කබ්රාල් මහතා සියයට 99කටම මේ වන විට කොවිඩ් එන්නත ලබාදී අවසන් බව අවධාරණය කළේය. තවද ඉදිරි සතියවන විට එන්නත් ලැබිය යුතු සියලු පුද්ගලයන්ට එන්නත් ලබාදී අවසන් කරන බවද හෙතෙම වැඩි දුරටත් කියා සිටී.” යනුවෙන් වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාවේ එන්නත්කරණය සම්බන්ධයෙන් වෙබ් අඩවියේ සඳහන් වන්නේ සැප්තැම්බර් 04 වෙනි දින වනවිට පළමු මාත්‍රාව 12,660,231 දෙනෙකුට ලබා දී ඇති බවයි. එමෙන්ම එන්නත් දෙකම ලබා දී ඇත්තේ 9,007,588 දෙනෙකුට බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්