පාර්ලිමේන්තුවේදී අද (06) සහ හෙට (07) සම්මත කර ගැනීමට නියමිත හදිසි නීතිය සහ මුදල් සංශෝධන පනත හේතුකොට ගෙන ආණ්ඩුවේ බෙදීම පැහැදිව තීව්‍රවීම සම්බන්ධයෙන් ජනාධිපති සහ මුදල් ඇමති දැඩි විමසිල්ලක පසුවන බව සිටින බව අනාවරණය වේ.
මේ වන විට බැසිල් රාජපක්ෂ සහ ජනාධිපතිවරයා මූලික කර ගෙන ආණ්ඩුව තුළ දැඩි බෙදීමක් නිර්මාණය වී තිබෙන පසුබිමක මේ ආකාරයක විමර්ශනයක යෙදී සිටින බව බුද්ධි අංශ තොරතුරුවලින් හෙළිවේ. මෙම දෙදින තුළදී ජනාධිපතිවරයාගේ බලතල ශක්තිමත් කිරීමේ ක්‍රියාමාර්ග සහ මුදල් ඇමතිවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කඩඉමක් සටහන්වන බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙති.
මෙම තත්වය තුළ පාර්ලිමේන්තු සංවාදවලට එක්වන මැති ඇමතිවරුන් පිළිබඳව සහ ඔවුන් විවාදයේදී පළකරන අදහස් පිළිබඳව විමර්ශනය කිරීමට බැසිල් රාජපක්ෂ මේ වන විටත් විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බව අනාවරණය වේ.










