අදත් ආසාදිතයන් 3,000 ඉක්මවයි…

අදත් ආසාදිතයන් 3,000 ඉක්මවයි…

අද (05) දිනයේ මේ වනවිට මෙරට කොවිඩ් – 19 ආසාදිතයින් 3,308 දෙනෙකු හමු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව තහවුරු වේ.

එම ආසාදිතයින් වාර්තා වන්නේ අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වනවිට ආසාදිතයින් 68,070 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 462,767කි.

එමෙන්ම අද දින මෙරටින් වාර්තා වී ඇති ඊයේ (04) මිය ගිය ආසාදිතයින් ගණන 189කි.

ඒ අනුව මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 10,140ක් දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තාවන රටවල් අතර 57 වන ස්ථානයේ පසුවේ. එමෙන්ම ලංකාව දෛනික ආසාදිතයින් වාර්තා වන රටවල් අතර 22 වන ස්ථානයේ පසුවේ. එමෙන්ම වැඩිම දෛනික මරණ වාර්තාවන රටවල් අතර ශ්‍රී ලංකාව මේ වනවිට පසුවන්නේ 09වන ස්ථානයේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්