බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකුගේ දුරකථන සංවාද අධිකරණය ඉල්ලයි

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකුගේ දුරකථන සංවාද අධිකරණය ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටි 16 හැවිරිදි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකුගේ දුරකථන සංවාද විශ්ලේෂණ වාර්තා වහාම බොරැල්ල පොලීසියට ලබාදෙන ලෙස අධිකරණය නියෝගකර තිබේ.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය එම නියෝගය නිකුත් කර ඇත්තේ බොරැල්ල පොලීසිය මෝසමක් මගින් ඊයේ (19) කළ ඉල්ලීමකට අනූවය.

පිළිස්සුම් තුවාල සහිතව එම දැරිය කොළඹ ජාතික රෝහලේ දී පසුගිය දා මිය ගිය අතර පසුව හෙළිදරව් වී ඇත්තේ එම දැරිය ලිංගික අපයෝජනයටද ලක්වී ඇති බවය.

මේ අතර අදාළ දැරියව හැටන් ප්‍රදේශයේ සිට රිෂාඩ් බදියුදීන්ගේ නිවසට රැගෙන ආ තැරැව්කාරුගේ බැංකු ගිණුම් වාර්තාද බොරැල්ල පොලීසියට ලබාදෙන ලෙසට රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආයතන කිහිපයකටත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්