පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදුර්දීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය බලශක්ති ඇමති උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේදී ආණ්ඩුවට පක්ෂව සහාය ලබාදීමට එකඟ වී ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සමග මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂද සමග එම මන්ත්‍රීවරු සාකච්ඡා කර තිබේ.
ඒ අනුව ඊයේ (18) ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ පැවති සාකච්ඡාව සඳහා මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රී නසීර් අහමඩ් ඇතුළු පිරිසක් සහභාගී වී ඇති අතර එහිදී ඔවුන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සමග සාකච්ඡාවක්ද සිදු කර ඇත.
එමෙන්ම නසීර් අහමඩ්, මර්ජාන් ෆලීල්, ඉෂාක් රහුමාන්, අලි සබ්රි රහීම් ඒ.එල්.එම් අතාවුල්ලා සහ මුෂාරෆ් මුදුනබීන් යන මන්ත්‍රීවරු අගමැතිවරයා සමග සාකච්ඡාවක් සිදුකර ඇතිඅතර එම සාකච්ඡාවලදී එකඟ වී ඇත්තේ බලශක්ති ඇමති උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේදී ආණ්ඩුවට පක්ෂව විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ලබාදීම සඳහාය.
ඒ.එල්.එම් අතාවුල්ලා සහ මර්ජාන් ෆලීල් යන මන්ත්‍රීවරු දෙදෙනා හැර අනෙක් මන්ත්‍රීවරු සියලුදෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදුර්දීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය නියෝජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ය.










