ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ 2020 වසරේ ණය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ වසර මැද වාර්තාව සහ මහ බැංකුවේ වාර්ශික වාර්තාව එකම කරුණ සම්බන්ධයෙන් අතිශය බරපතල පරස්පර සංඛ්‍යා දෙකක් ඉදිරිපත් කර තිබේ.
මුදල් අමාත්‍යාංශය නිකුත් කර තිබෙන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාව 2021ට අනුව පසුගිය වසරේ ඛනිජතෙල් නීතිගත සංස්ථාව රජයේ වානිජ බැංකු දෙකට පමණක් රුපියල් බිලියන 529ක් ණය වී ඇත. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වාර්ශික වාර්තාවට අනුව ඛනිජතෙල් සංස්ථාව බාහිරට තිබී ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 345.5කි.
මේ අනුව මෙම වාර්තා දෙක අතර රුපියල් බිලියන 183.5ක පරස්පරයක් තිබේ. එනම් රුපියල් කෝටි 18,350ක වෙනසක්ය. මුදල් අමාත්‍යාංශයේ වසර මැද වාර්තාව ඉතා පැහැදිලිව දක්වා තිබෙන්නේ රජයේ වාණිජ බැංකු දෙකට පමණක් පසුගිය වර්ශය අවසන් වන විට රුපියල් බිලියන 529ක් ණය වී තිබූ බවය. නමුත් මහ බැංකු වාර්ශික වාර්තාව අනුව ඛනිජතෙල් සංස්ථාව බාහිර පාර්ශවයන්ට තිබූ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 345.5ක් ලෙස පැහැදිලිව දක්වා තිබේ.












