පළමු මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමු වන විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් උදර්පන නීතිය යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා දෙරටේ නීතිපතිවරුන් අතර තවදුරටත් කරුණු හුවමාරු වෙමින් පවතින බව නීතිපතිවරයා අද (19) බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම් දී තිබේ.
නීතිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ එම සාකච්ඡා අසාර්ථක වුවහොත් ඔහු නොමැතිව හෝ නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බවය.
මෙම බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයෙකු බව අර්ජුන් ඇලෝසියස්ට අයත් මත්පැන් සමාගමකට එහි බදු ගෙවීම් පැහැර හැරීම නොතකා යළි ස්කාර කටයුතු පවත්වාගෙන යාමට පසුගියදා මුදල් අමාත්‍යාංශ විසින් අවසර ලබාදුන් අතර ඒ සම්බන්ධයෙන් එල්ල වූ ජනතාවිරෝධය හමුවේ යළි එම අවසරය අවලංගු කරන ලදී.
2










