කතරගම මහා දේවාලයේ ඇසල පෙරහරට සහභාගිවු නැටුම් කණ්ඩායම්වල 15 දෙනකුට කොවිඩ් – 19 ආසාදනයවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
ගාල්ල ප්‍රදේශයෙන් ගොස් ගුරු ගෙදර විශ්‍රාම ශාලාවේ නතරව සිටි නැටුම් කණ්ඩායමක 11 දෙනෙකුටද මාතර ප්‍රදේශයෙන් ගොස් තරුණ බෞද්ධ සංගම් විශ්‍රාම ශාලාවේ නතරව සිටි පන්දම් කණ්ඩායමේ 04 දෙනෙකුටද මෙසේ කොවිඩ් වෛරසය ආසාදනයවි ඇති බව වාර්තා වේ.
මෙම නැටුම් කණ්ඩායම්වල සාමාජිකයින් ආසාදිතයින් බවට තහවුරුවි ඇත්තේ පසුගිය 18 වනදා සිදුකරන ලද ඇන්ටිජන් පරික්ෂණවලදිය.
මෙම ආසාදිත නැටුම් ශිල්පීන් පිරිස කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවෙත යොමු කිරිමටද ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කිරිමටද පියවර ගෙන ඇති බවද දකුණු පළාත් සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වැඩිුදරටත් පවසයි.
1










