බැසිල්ට එරෙහි GI බට නඩුවත් අවසන් වන ලකුණු – සැප්තැම්බර් දක්වා කල්යයි

බැසිල්ට එරෙහි GI බට නඩුවත් අවසන් වන ලකුණු – සැප්තැම්බර් දක්වා කල්යයි

පසුගිය 2015 ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන අරමුදලට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් එවකට ආර්ථික කටයුතු ඇමති වත්මන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද යන්න පිළිබද නීතිපතිවරයා කරුණු අධ්‍යයනය කරමින් සිටින බැවින් අදාළ නඩුව සැප්තැම්බර් පළමුවනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (19) නියෝග කර තිබේ.

පසුගිය 2015 ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් ලක්ෂ 365ක මුදලක් වැය කර GI බට මිලදී ගෙන එවකට ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපය නැංවෙන අයුරින් බෙදාහැරීම තුළින් එම අරමුදලේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්