තවත් දිස්ත්‍රික්ක 05 ප්‍රදේශ 10ක් හුදකලා කෙරෙයි

තවත් දිස්ත්‍රික්ක 05 ප්‍රදේශ 10ක් හුදකලා කෙරෙයි

කොවිඩ් – 19 පැතිරීම හේතුවෙන් අද (25) උදෑසන 06 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 05ක ප්‍රදේශ 10ක් හුදකලා තත්වයට පත් කිරීමට පියවර ගත් බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි..

එම ප්‍රදේශ පහතින් දැක්වේ..

බදුල්ල දිස්ත්‍රික්කය
වැලිමඩ පොලිස් බලප්‍රදේශයේ,

හුලංකපොල්ල ග්‍රාමනිලධාරී වසම.

කළුතර දිස්ත්‍රික්කය
මතුගම පොලිස් බලප්‍රදේශයේ,

යටදොල ග්‍රාම නිළධාරී වසමේ අඹේතැන්න වත්ත ක්ලේ කොටස විලිගොඩ ගම,
යටදොල ග්‍රාම නිළධාරී වසමේ අඹේතැන්න වත්ත ප්‍රධාන කොටස,

මන්නාරම දිස්ත්‍රික්කය
තලෛමන්නාරම පොලිස් බලප්‍රදේශයේ,

තලෛමන්නාරම ජැටිය බටහිර ග්‍රාම නිළධාරී වසම,
තලෛමන්නාරම ජැටිය නැගෙනහිර ග්‍රාම නිළධාරී වසම,

යාපනය දිස්ත්‍රික්කය
කරවෙඩ්ඩි පොලිස් බලප්‍රදේශයේ,

කරණවායි ග්‍රාම නිළධාරී වසම,

රත්නපුර දිස්ත්‍රික්කය
පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ,

පොත්තකන්ද ග්‍රාම නිළධාරී වසමේ නොරගල්ල වත්ත ඉහළ කොටස,
පනාවැව ග්‍රාම නිළධාරී වසමේ පැල්මඩුල්ල වත්ත අංක 01 කොටස,
පනාවැව ග්‍රාම නිළධාරී වසමේ පැල්මඩුල්ල වත්ත අංක 05 කොටස,
කපුහේන්තොට ග්‍රාම නිළධාරී වසමේ පැල්මඩුල්ල වත්ත අංක 05 කොටස,

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්