ත්‍රීකුණාමල වරායේ ඇමරිකාණු ඒකාබන්ධ යුධ අභ්‍යාසයක්

ත්‍රීකුණාමල වරායේ ඇමරිකාණු ඒකාබන්ධ යුධ අභ්‍යාසයක්

ත්‍රීකුණාමලය වරාය තුළ සහ එම මුහුදු තීරයේ ඇමරිකානු, ජපාන මහ ශ්‍රී ලංකා නාවික හමුදාවල ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් මේ වනවිට පවත්වාගෙන යමින් සිටී. ඇමරිකා එක්සත් ජනපදයේ 07 වන බලඇණිය USA චාල්ස්ටන් (LCL 18) – ලිටෝරල් කම්බැට් නෞකාව, බෝයිං පී – 8 පොසෙයිඩන් – සමුද්‍රීය මුර සංචාර ගුවන් යානයක් සහ MH – 60 S හෙලිකොප්ටරයක් මෙම අභ්‍යාසයට යොදවා ඇත.

මෙය නිල වශයෙන් ඊයේ (24) ආරම්භ කර ඇති අතර අද (25) දිනයේත් වරාය තුළ අභ්‍යාස පැවැත්වීමට සැලසුම් කර තිබේ. හෙට (26) සිට 30 වෙනිදා දක්වා ත්‍රීකුණාමල මුහුදු තීරයේ එමඅභ්‍යාස පැවැත්වේ.

එහිදී මානුෂීය ආධාර සැපයීම, ආපදා සහන සැලසීම, සාගරික ගුවන් මෙහෙයුම්, ඇතුළු අභ්‍යාස රැසක් පැවැත්වීමට සැලසුම් කර ඇත. චීනයට එරෙහිව ඇමරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ආරක්ෂක සංවිධානයක පිහිටුවාගෙන තිබේ. එසේ තිබියදී මෙම යුධ අභ්‍යාස පැවැත්වීම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට බරපතල අනතුරු ගෙනදෙන්නක් වියහැකි බව දේශපාලන විචාරකයෝ අවධාරණය කරති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්