ක්ෂුද්‍රජීවීන් මෙරටට පැමිණීමේ අවදානම ඇතුළු තවත් කරුණු කිහිපයක් හේතුකොටගෙන කාබනික පොහොර ආනයනය කිරීම තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.ඩබ් වීරකෝන් සඳහන් කරයි.
ජුනි 01 කැබිනට් තීරණවල සඳහන්ව තිබුණේ 2021, 2021 මහ කන්නයේ වී වගාව සඳහා හෙක්ටයාර ලක්ෂ 50 අවශ්‍ය කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ අවශ්‍යතාවන් රජයේ පොහොර සමාගම් හරහා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි.
එසේම අනෙකුත් භෝග හෙක්ටයාර ලක්ෂ 06කට පමණ අවශ්‍ය කාබනික පොහොර, එම භෝගවලට අදාළ පර්යේෂණ ආයතනවල නිර්දේශවලට අනුව ආනයනයට බලපත්‍ර හිමි සමාගම් මගින් ගෙන්වා ගොවීන් වෙත බෙදාහැරීමටයි තීරණය කර ඇති බව ද එහි දැක්විණි.
කෙසේ වෙත්ත මෙරටට කාබනික පොහොර ආනයනය කිරීම මගින් විවිධ ක්ෂුද්‍රජීවීන් සමග විවිධ රෝග වර්ග මෙරටට පැමිණීමට ඉඩ ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අවධාරණය කළ පසු කෘෂිකරම් ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර සිටියේ ක්ෂීද්‍රවීන් නැති ජීවානුහරණය කරන ලද කාබනික පොහොර ආනයනයට කටයුතු කරන බවය.










