හුලංකපොල්ලත් ලොක්ඩවුන්…

හුලංකපොල්ලත් ලොක්ඩවුන්…

වැලිමඩ පොලිස් වසමේ හුලංකපොල්ල 49 C ගාම නිලධාරී වසම අද (24) සිට හුදෙකලා කළ බව වැලිමඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තහවුරු කරයි.

මෙම පියවර ගෙන ඇත්තේ ඉකුත් 18 දින සිදු කළ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව 38 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගය.

මේ අනුව මෙම ග්‍රාම නිලධාරී වසමට ඇතුල්වීම මෙන්ම පිටවීමද තහනම් කරනු ලැබ තිබේ. වැලිමඩ හුලංකපොල්ල ග්‍රාම නිලධාරී වසමේ පවුල් 350ක පුද්ගලයින් 3,281ක් වාසය කරති.

Facebook
Twitter
LinkedIn