මරණීය දඬුවම නියම වූ සිරකරුවන් පිරිසක් ආහාර වර්ජනයක

මරණීය දඬුවම නියම වූ සිරකරුවන් පිරිසක් ආහාර වර්ජනයක

මරණ දඩුවම නියම වී මහර බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් 70 දෙනෙකු ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ.

අද (24) දහවල් සිට මෙම රැඳවියන් ආහාර වර්ජනයේ නිරත වී සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කරයි.

මොවුන් මෙලෙස ආහාර වර්ජනයේ නිරතවී සිටින්නේ, තමන්ට හිමිව ඇති මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලමිනි.

Facebook
Twitter
LinkedIn