පානදුර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීනියන් දෙදෙනකු ඇතුළු 06 දෙනකු කොවිඩ් – 19 ආසාදිතයන් ලෙස හදුනාගැනීම නිසා එම පොලිස්ථානයේ රථ වාහන අංශය තාවකාලිකව වාසා එහි කාර්ය මණ්ඩලය නිරෝධානයට යොමු කර තිබේ.
පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු සහ නිලධාරීන් සිවුදෙනකු ඇතුළු පුද්ගලයන් 06 දෙනෙකු මෙලෙස කොවිඩ් – 19 ආසාදිතයන් ලෙස ඊයේ (24) වනවිට හදුනාගෙන තිබී ඇත.
කෙසේ වෙතත් පානදුර දකුණ පොලිස් ස්ථානයේ සෙසු අංශ සුපුරුදු පරිදි රාජකාරි කරමින් සිටින බව වාර්තා වේ.
0










