වැවේ ගිලී මියගිය අයෙකුටත් කොරෝනා… 70ක් දෙනා ආශ්‍රිතයන් වෙයි…

වැවේ ගිලී මියගිය අයෙකුටත් කොරෝනා… 70ක් දෙනා ආශ්‍රිතයන් වෙයි…

ආණමඩුව H8 ගම්මානයේ වැවක ඉකුත් 22වනදා දිය නාමින් සිටියදී දියේ ගිලි මරණයට පත්වු 60 හැවිරිදි තිදරු පියෙකුට සිදුකර තිබූ PCR පරීක්ෂණයකින් ඔහු කොවිඩ් – 19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් ලෙස පුද්ගලයින් 70 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රවී අබේරත්න පවසයි.

දැනට නිරෝධායනයට යොමුකර සිටින පුද්ගලයින් 20 දෙනාට අමතරව අදාළ පුද්ගලයා සමග සම්බන්ධතා පැවැත්වූ අනෙක් 50 දෙනා නිරෝධායන උපදෙස් මගහරිමින් කටයුතු කරමින් ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් අබේරත්න පවසයි.

ඒ අනුව ඔවුන්ට ඉදිරියේදී PCR පරීක්ෂණ සිදු කිරීමට පියවර ගන්නා බවද ඔහු පවසයි.

Facebook
Twitter
LinkedIn