දෙහිවල සිංහ ධේනුවටත් කොරෝනා

දෙහිවල සිංහ ධේනුවටත් කොරෝනා

දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් – 19 ආසාදනයවූ “තෝර්” නැමැති සිංහයාගේ ධේනුවටද කොරෝනා ආසාදනය වී ඇතැයි පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

මේ තත්වය යටතේ එම සිංහ ධේනුවද හුදෙකලා කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇත.

සිංහ ධේනුවට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන්නේ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය සහ රාගම වෛද්‍ය පීඨය කළ පරීක්ෂණවලදීය.

සිංහ ධේනුවට කොවිඩ් ආසාදනයවී ඇතත් සත්වයාගේ තත්ත්වය අයහපත් නැතැයිද සාමාන්‍ය පරිදි ආහාර අනුභව කරමින් කාලය ගත කරන්නේ යැයිද දෙහිවල සත්වෝද්‍යානයේ ප්‍රධානීහු පවසති.

දෙහිවල සත්වෝද්‍යානය මේ වනවිට වසා දමා තිබෙන අතර ඊට පිටතින් කිසිවකුත් ඇතුලුවීමද තහනම් කර ඇත.

Facebook
Twitter
LinkedIn