නිළියකට අයුතු යෝජනා කළ හොර අධ්‍යක්ෂක අත්අඩංගුවට

නිළියකට අයුතු යෝජනා කළ හොර අධ්‍යක්ෂක අත්අඩංගුවට

ප්‍රවින චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙස තමන්ව හඳුන්වාදෙමින් රංගන ශිල්පිණියකට අයුතු යෝජනා කල පුද්ගලයෙකු ජූලි 01 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

බෙන්තොට පදිංචි 47 හැවිරිදි සැකකරු ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙස තමන්ව දුරකතනය හරහා හඳුන්වාදෙමින් ඔහු විසින් අධ්‍යක්ෂණය කිරිමට නියමිත නවතම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟපෑම සඳහා රංගන ශිල්පිණියට ආරාධනා කර ඇතැයි වාර්තා වේ. ලිංගික දර්ශණ කිහිපයක් අඩංගු මෙම චිත්‍රපටයේ රඟපැම වෙනුවෙන් රුපියල් මිලියන දෙකක් ගෙවිමට තමන් සූදානම් බවද මෙම හොර අධ්‍යක්ෂකවරයා විසින් රංගන ශිල්පිණියට පවසා ඇත.

ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විසින් මේ පිළිබඳව පොලිසියට පැමිණිලිකිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Facebook
Twitter
LinkedIn