LTTE ඇතුළු දිගු කලක් හිරේ ඉන්න අයට සාධාරණය ඉටු කරන්න – නාමල් රාජපක්ෂ

LTTE ඇතුළු දිගු කලක් හිරේ ඉන්න අයට සාධාරණය ඉටු කරන්න – නාමල් රාජපක්ෂ

තීන්දුවක් නොමැතිව දීර්ඝ කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබ සිටින LTTE සැකකරුවන් ඇතුළු තරුණ සැකකරුවන්ගේ ජීවිතවලට යම් සාධාරණයක් ඉටු කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඊයේ (23) කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කර තිබේ.

ඇතැම් අය නඩු නිමිත්තක්වත් නොමැතිව දීර්ඝ කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරවල සිටින බවත් නඩු තීන්දුවේ දඬුවමට වඩා වැඩි කාලයක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරයේ සිටින බවත් ඔහු සඳහන් කළේය.

මෙලෙස සිටින පිරිසේ LTTE සැකකරුවන්ද විශාල පිරිසක් සිටින බව ඔහු අනාවරණය කළේය.

Facebook
Twitter
LinkedIn