කොරෝනා ආසාදිතයින් සඳහා නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ඇඳන් 04කින් යුක්ත දැඩිසත්කාර ඒකකයක් අද (21) උදේ සෞඛ්‍ය ඇමතිවරියගේ මූලිකත්වයෙන් විවෘතකර ඇත.
පෞද්ගලික වාණිජ බැංකුවක් විසින් මෙම සත්කාර ඒකකය සඳහා මුදල් ලබාදී තිබීමද විශේෂත්වයකි. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සංජීව මුනසිංහ ඇතුළු නිලධාරීන්ද මෙම විවෘතකිරීමේ අවස්ථාවට සහභාගිවී තිබේ.
මේ වනවිට කොරෝනා ආසාදිතයින් සඳහා හදිසි ඔක්සිජන් අවශ්‍යතා මෙන්ම දැඩිසත්කාර ඇඳන් විශාල හිඟයක් පවතිද්දී සෞඛ්‍ය අමාත්‍යවරිය සහ කොරෝනා මර්ධන ජනාධිපති බලකායේ ප‍්‍රධානියා ඇඳන් 04කින් සමන්විත මෙම ඒකකය විවෘත කිරීමට සහභාගිවී ඇත.
0










