රටේ ආර්ථිකය සම්බන්ධයෙන් හදිසි සාකච්ඡාවක් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී ලක්ෂ්මන් ඇතුළු උසස් නිලධාරීන් සමග අද (21) අරලියගහ මන්දිරයේදී පවත්වා ඇත.
මෙහිදී සාකච්ඡාකරන ලද කරුණු සවිස්තරව මේ දක්වා හෙළිවී නැති අතර මේ වනවිට රජයේ ආදායම් විශාල වශයෙන් පහත වැටීම සහ කොරෝනා මර්ධන වියදම් පිළිබඳව සාකච්ඡා කරන්නට ඇති බව ආර්ථික විශ්ලේෂකයින්ගේ මතයවී තිබේ.
මෙම සාකච්ඡාවට අගමැතිවරයාට අමතරව මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල්, අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී යෝෂිත රාජපක්ෂ, අගමැතිවරයාගේ අතිරේක ලේකම් වරයෙකු ආණ්ඩුව පාර්ශවය වෙනුවෙන් සහභාගිවී ඇත. මහ බැංකුව වෙනුවෙන් අධිපතිවරයාට අමතරව නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනෙකු සහ මහ බැංකු ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂකවරයා සහභාගිවී ඇත.
1










