අද (21) රාත්‍රී 11 සිට සංචරණ සීමා ක්‍රියාත්මකවන අතර එය ලබන අඟහරුවාදා (25) අලුයම 04 දක්වා මුළු දිනය පුරා ක්‍රියාත්මකවේ.
එමෙන්ම අඟහරුවාදා (25) අලුයම 04 සිට රාත්‍රී 11 තෙක් සංචරණ සීමා නොමැති අතර රාත්‍රී 11 සිට සිකුරාදා (28) අලුයම 04 දක්වා නැවතත් මුළු දිනය පුරා සංචරණ සීමා ක්‍රියාත්මකවේ.
සංචරණ සීමා කාලය තුළ පුද්ගලික ගමන් සපුරා තහනම්, නිවසින් බැහැරව යා නොහැක.
එමෙන්ම ඔසුහල් හැර සියලු කඩ සාප්පු වසා තැබේ. ඊට අමතරව එන්නත්කිරීම්, සායන සහ රෝහල්ගතවීම් සඳහා යෑමට අවසර ඇති අතර අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති කටයුතු සඳහා පමණක් යෑමට අවසර ඇත.
1










