අද පැවති රෝඩ් සේෆ්ටි T20 අවසන් තරඟයේදි තියුණු සටනකින් පසු ශ්‍රී ලංකා ප්‍රවීණයන් පරදවා ශූරතාවය දිනා ගැනීමට සචින් තෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් තරඟ වැදුනු ඉන්දීය ප්‍රවීණයන්ගේ කන්ඩායම සමත් විය.
කොරෝනා ව්‍යාප්තිය යටතේ වුවද විශාල ප්‍රේක්ෂක පිරිසක් මධ්‍යයේ පැවති අවසන් තරඟයේ පලමුව පන්දුවට පහරදුන් ඉන්දීය ප්‍රවීණයෝ පන්දුවාර 20 අවසානයේදී ලකුණු 182 ක් ලබාගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රිඩාකල ශ්‍රී ලංකා ප්‍රවිණයන් නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 167ක් ලබා ගත්හ.
0










