වල්සපුගල ගොවීන්ට විරුද්ධව ආණ්ඩුවෙන් උද්ඝෝෂණයක්…

වල්සපුගල ගොවීන්ට විරුද්ධව ආණ්ඩුවෙන් උද්ඝෝෂණයක්…

වන අලි කලමනාකරන රක්ෂිත සීමා ගැමට් නිවේදනය නිකුත්කරන ලෙස ඉල්ලා මේ වනවිට සූරියවැව වල්සපුගල ගොවීන් පාවත්වාගෙන යන සත්‍යාග්‍රහයට විරෝධය පල කරමින් ආණ්ඩුව විසින් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව අනාවරණය වේ.

මෙම විරෝධතාව හම්බන්තොට පරිපාලන සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්වීමට සැලසුම් කර ඇත. මේ සඳහා විශාල මුදලක් වැය කරමින් පිරිස් ගෙන්වා ගැනීමට ආණ්ඩුවේ මැති ඇමතිවරු හිප දෙනෙකු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ක්‍රියාකරමින් සිටී.

ඔවුන්ගේ සැලසුම් කරමින් සිටින්නේ බොහෝ දුරට හෙට (22) මෙම විරෝධතාව පැවැත්වීමටය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්