ජනාධිපතිවරයා විසින් ඊයේ (20) දින වලපනේදී පැවැති ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනේදී පරිසර විනාශය පිළිබඳ ව්‍යාජ ප්‍රවෘත්ති පළකරනවා යැයි සඳහන් කළ‘JVP පරිසරවේදියෝ’ නම් ව්‍යාජ ෆේස්බුක් පිටුව කා විසින් පවත්වාගෙන යන්නේ දැයි සොයා බලන ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම පැමිණිල්ල අද (21) දින ඉදිරිපත් කර ඇත්තේ ජවිපෙ මධ්‍යමකාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, නීතිඥ සුනිල් වටගල සහ නීතිඥ තුෂාර රණතුංග විසිනි.
එම ෆේස්බුක් ගිණුමේ පල කරන ලද පෝස්ට් මුදල් ගෙවා ප්‍රචාරය කර ඇති බවද මේ පිළිබඳවද විමර්ශනයක් කර එම තොරතුරු ජනාධිපතිවරයාටත් රටටත් හෙළිදරව් කරන ලෙසත් ජනතා විමුක්ති පරෙමුණ සිය පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.
1










