පවතින මැතිවරණ ක්‍රමයට ඉදිරි පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩු පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ඒකමතිකව තීරණය වූ බව ජලසම්පාදන අමාත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශිත පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර අනාවරණය කරයි.
කෙසේ වෙතත් යමි හෙයකින් පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් කිහිපදෙනෙකුම ආණ්ඩුවෙන් කිහිපදෙනෙකුම ඉවත් විය හැකි බව ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ප්‍රකාශ කරයි.
වාසුදේව නානායක්කාර කැබිනට් ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ මෙම වසරේ අගෝස්තු මාසයේදී පමණ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බවය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළ යුතු බවත් එසේ නොමැතිව පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනවරමට විරුද්ධ බවත් නව ව්‍යවස්ථාව සකස් කිරීමේදී 13 වන සංශෝධනයේ ඇතුළත් මූලික කරුණු කිහිපයක් ගැන නැවත සලකා බැලීම උදෙසා ජනවරම ලැබී ඇති බවත් ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා සඳහන් කරයි.










