ආණ්ඩුවේ තවත් ටොම් පචයක් හෙළිවෙයි…

ආණ්ඩුවේ තවත් ටොම් පචයක් හෙළිවෙයි…

මෙරට කඩා වැටුණු මූල්‍ය ආයතනවල තැන්පත් කළ මුදල් අහිමිවූවන්ට වන්දි ලබාදෙන බව ප්‍රකාශ කරමින් බලයට පැමිණි ආණ්ඩුව එලෙස මුදල් අහිමිවූවන්ට මේ දක්වා ගෙවා ඇත්තේ ඉතාම සොච්චම් මුදලක් බව අනාවරණය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාර්තු 19 වනදා නිකුත් කළ නිවේදනයකින් මේ බව හෙළිවී තිබේ. එම නිවේදනය නිකුත් කර තිබෙන්නේ තම තැන්පත් මුදල් අහිමිවූවන්ට ලබාදෙන රක්ෂණ හා ද්‍රවශීලතා වන්දි මුදල් ප්‍රමාණය උපරිම රුපියල් ලක්ෂ 06 සිට 11 දක්වා ඉහළ දමන බව එම නිවේදනය සඳහන් කර තිබේ. මෙසේ මුදල් අහිමිවූවන්ට මුදලු සංඛ්‍යාව දෙලක්ෂ පනස් හතරදහස් හාරසිය අනූ හතරක් (254,494) බව එම නිවේදනයේ දැක්වේ. ඔවුන් වෙනුවෙන් රක්ෂණ වන්දි ලබාදීමට වෙන් කර තිබුණු මුළු මුදල රුපියල් කෝටි 2580කි. මේ අනුව එක් අයෙකුට මේ දක්වා ලැබී ඇත්තේ රුපියල් එක්ලක්ෂ එක්දහද් තුන්සිය අසූ දෙකකි.

නමුත් ආණ්ඩුව ප්‍රචාරය කර තිබුණේ තැන්පත් මුදල් අහිමිවූවන්ට මේ දක්වා ලබා දුන් රුපියල් ලක්ෂ 05ක් වූ උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 06 දක්වා වැඩි කර ඇති බවය. මහ බැංකුවේ මෙම නිවේදනයට අනුව එය ලක්ෂ 11 දක්වා වැඩි කරන බව ප්‍රකාශ කර තිබේ. එහෙත් මේ දක්වා එක් අයෙකුට ලබා දී ඇති වන්දි මුදලේ සාමාන්‍ය අගය රුපියල් එක්ලක්ෂ එක්දහස් තුන්සිය අසූ දෙකක් (රු. 101,382) වී තිබීමෙන් ආණ්ඩුව මෙම තැන්පත්කරුවන්ගේ ඡන්දය ලබාගැනීමට පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී දුන් පොරොන්දු කඩකර ඇති අන්දම තහවුරු වී තිබේ.

Facebook
Twitter
LinkedIn