ඊයේ (20) දිනයේත් කොවිඩ් – 19 ආසාදනය වීමෙන් පුද්ගල මරණ 01ක් සහ ආසාදිතයන් 349ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙසේ මියගොස් ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 85ක් වූ පිරිමි පුද්ගලයෙකි.
ඒ අනුව මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 545කි
ඊයේ වාර්තා වූ ආසාදිතයින් 349 දෙනා අතරින් 323 දෙනෙකුම වාර්තා වන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රිතයන් ලෙසය.
තවත් 23දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතවද අනෙක් 03දෙනා විදේශයන්හි සිට පැමිණි අයගෙන්ද වාර්තා වී ඇත.
මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 85,288ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 2,835 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 89,846කි.
ශ්‍රී ලංකාව මේ වනවිට පසුවන්නේ කොවිඩ් – 19 ආසාදිතයන් වැඩිම රටවල් අතර 88වන ස්ථානයේය.










