පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉල්ලා පවත්වන කළු ඉරිදා විරෝධතාවය තුන්වැනි දිනටත් අද (21) ක්‍රියාත්මක බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපානෝ පවසකි.
එම ප්‍රහාරයට වගකිවයුත්තන් හෙළිදරව් කර යුක්තිය ඉටුවන තුරු අරගලය නවත්වන්නේ නැතැයිද කාදිනහිමියෝ කියති.
කළු ඉරිදාවෙන් ආරම්භ කළේ ගමනක් පමණක් බව කී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ විවිධාකාර ක්‍රියාකාරකම් සහිතව කළු ඉරිදාව දිගටම පවත්වාගෙන යන බව සඳහන් කරති.
මෙම ඉරිදා දිනයේදී දේව මාතා මැදිහත්වීම පතා ජපමාල ධ්‍යානයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවද කාදිනල් හිමිපානෝ පැවසති.
0










