මෙරටට ඖෂධ ගෙන්වීම සඳහා අවසරය ලබාදෙන එකම ආයතනය වන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපති මහාචාර්ය අසිත ද සිල්වා ඉවත් කර එම තනතුර සඳහා වෛද්‍ය රසිත විජේවන්ත පත් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇත. ඔහු දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය අයි. විජේවන්තගේ පුතෙකි. ඒ සමගම ඖෂධ නියාමන අධිකාරියේ සිටි සුදුසුකම් සහිත සිව් දෙනෙක් ඉවත් කර ඒ වෙනුවට තම දේශපාලන හිතවාදීන් පත් කිරීමටද ආණ්ඩුව කටයුතු කර ඇත.
මෙම වෙනස්කම් කිරීමට හේතු වී ඇත්තේ චීනයේ නිෂ්පාදිත කොරෝනා එන්නත මෙරට ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවකි. අදාල එන්නත ලියාපදිංචිය සදහා අවශ්‍ය අවශ්‍ය ලියකියවිලි චීන රජය විසින් ඖෂධ නියාමන අධිකාරියට ලබා නොදීම නිසා එම එන්නත ලියාපදිංචිය ප්‍රමාද වූ බව වාර්තාවේ.
දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය අයි. විජේවන්තගේ පුතෙකු වන වෛද්‍ය රසිත විජේවන්ත කර ඇත්තේ එම ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය වරයෙකු වන කොවිඩ් වසංගත තත්වයෙන් රට මුදවා ගැනීම සඳහා විශාල කාර්යභාර්යයක් සිදු කළ අය අතර ප්‍රමුඛයෙකු වන ආනන්ද විජේවික්‍රම පත්කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චිගෙන් වෛද්‍යවරු කණ්ඩායමක් ලිඛිතව ඉල්ලා තිබූ පසුබිමකය.
එම ලිඛිත ඉල්ලීම සිදු කළ ලිපිය පහතින් පල වේ.











