ඊසාන දිග ජපානයේ මියාගි ප්‍රාන්තයේ රිච්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබල භු චලනයක් සිදුව තිබෙනවා. භූකම්පනයත් සමග මියාගි ප්‍රාන්ත වෙරළබඩ ප්‍රදේශවලට පූර්ව සුනාමි අනතුරු ඇගවීමක් ද නිකුත් කර තිබිණ.
ජපාන වේලාවෙන් පස්වරු 6.26ට පමණ මෙම භූකම්පනයේ සිදුව ඇත්තේ මියාගි වෙරළට ඔබ්බෙන් කිලෝ මීටර 60ක් පමණ ගැඹුරු මුහුදේ බව පැවසේ. සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනය පසුව ඉවත් කර ගෙන ඇති අතර භූකම්පනයෙන් ටික වේලාවකට පසුව මීටරයක් පමණ උසින් ජල පහරක් මියාගි වෙරළ කලාපයට පැමිණ තිබේ.
මෙම කම්පනයත් සමග ජපානයේ තොහෝකු විදුලි සමාගම ඔනගාවා න්‍යෂ්ඨික බලාගාරයේ තත්වය පරීක්ෂා කිරීම සඳහා එහි කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත. එසේම 2011 වසරේ ප්‍රබල භූ චලනයෙන් විනාශ වූ ෆුකුෂිමා බලාගාරයේ ද තත්වය මේවන විට පරීක්ෂා කෙරෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය ජපානයේ ප්‍රදේශ ගණනාවකට දැනුණු බව පැවසේ. කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් සිදුවූ හානියක් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තාවී නැහැ.










