මම ගමට යන්නේ විරුද්ධවාදීන් බය කරන්න…

මම ගමට යන්නේ විරුද්ධවාදීන් බය කරන්න…

“මේ වැඩසටහනට විරුද්ධවාදීන් බොහෝමයක් ඉන්නවා. මේකේ වැරදි පැති පෙන්නන්න. ඒ අය බය ඇති රටේ රාජ්‍ය නායකයා ගිහින් මිනිස්සු හම්බවෙලා, කථා කරනකොට ඒ අයට තියෙන අවස්ථාව නැතිවෙයි කියලා. බය වෙනකොට තවත් යන්න ඕනේ, තව බය කරන්න. ඒක තමයි උපක්‍රමය.” යැයි ජනාධිපතිවරයා ගම සමග පිළිසඳර” වැඩසටහනේ 11 වන අදියරට සහභාගී වෙමින් පැවසීය.

මෙම වැඩසටහන පැවැත්වූයේ පුත්තලම, කරුවලගස්වැව ප්‍රජා ශාලා පරිශ්‍රයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“ඉතින් ඒ එක්කම මම කියන ඒවා වැරදිව අර්ථ කථනය කරනවා. මම ගිය හැමතැනකම වගේ ඉඩම් ප්‍රශ්න පිළිබඳව කිව්වා. පාරම්පරිකව වගා කරපු තමන්ගේ වගා භූමිය වන රක්ෂණ, වනජීවි මායිම් ගල් දැමීමේ දී යම්කිසි දෝෂයක් නිසා පාරම්පරිකව වගාකරපු භූමිත් අල්ලලා මායිම් ගල් දාලා තියෙනවා. මේ කතාව හැමතැනකම කිව්වා. මම කිව්වා වගාකරපු බිම්වලට ඉඩ දෙන්න කියලා. ඒක මම දන්නේ නෑ ඇයි තේරුම් යන්නේ නැත්තේ කියලා. එහෙම තියෙද්දී වනාන්තරයේ ගිහින් කැලෑ කපන්න අවසර දීලා නෑනේ. කැලයක් කපනවා නම් නිලධාරීන් වහාම නවත්වන්න ඕනේ. තමන් වගා කරපු භූමි ගූගල් මැප් එකකින් බලලා ලකුණු කරාම වැරදි වෙන්න පුළුවන්. ඒවා නිවැරදි කරන්න ඕනේ. සමාජ මාධ්‍යයත් බලා ඉන්නවා බොරු ප්‍රචාර යවලා මේක කඩාකප්පල් කරන්න.”

කෙසේ වෙතත් මේ දිනවල කැලෑ එළිපෙහෙළි කිරීමේ සිදු වීම් රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙමින් තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්