කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
පසුගිය කාලය පුරාවටම අමාත්‍යංශ ලේකම්වරයා සහ විෂය භාර ඇමතිවරයා අතර කෘෂිකර්ම අමාත්‍යංශය තුල පැවති මත ගැටුම් මෙම ඉල්ලා අස්වීමට ආසන්න හේතුව බව අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා සිය ඉල්ලා අස්වීම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට යොමුකර ඇති අතර ඇමතිවරයා විසින් ඔහුගේ ඉල්ලා අස්වීම බාරගත් බව වාර්තා වේ.
1










