මුදල් ඇමති නොදන්නා කෝටි 25ක ආයෝජන

මුදල් ඇමති නොදන්නා කෝටි 25ක ආයෝජන

‘ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ්’ නම් රාජ්‍ය සමාගම විසින් භාහිර පාර්ශවයන්ගේ රුපියල් කෝටි 25කට අධික ආයෝජන සිදු කර ඇති බව විගණන වර්තාවකින් හෙළි වේ.

රාජ්‍ය ආයතනයක් විසින් භාහිර පාර්ශවයන්ගේ මෙවැනි ආයෝජන සිදු කරන්නේ නම් මුදල් අමාත්‍යවරයාගේ පූර්ව එකඟතාවය තිබිය යුතු වේ. එහෙත් 2019 දෙසැම්බර් 31 වර්ෂයෙන් අවසන් වූ ආසන්න දිනයකදී මෙම ආයෝජනය නීති උල්ලංඝණය කරමින් සිදු කර ඇති බව අනාවරණය වේ.

එසේම මෙම සමාගම සතු තෙල් ටැංකි 13ක ඉතිරි වූ තෙල් තොග මෙට්‍රික් ටොන් 546ක් තිබී ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කර ඇති බව එම විගණන වාර්තාවෙන්ම හෙළිවේ. මෙම තෙල් ටැංකි සංකීර්ණය පිහිටා ඇති ස්ථානයක් පිළිබඳව විගණන වාර්තාවේ සඳහන් නොවේ.

මුදල් අමාත්‍යවරයාගෙන් නිසි අනුමැතිය නොමැතිව සිදු කර තිබෙන රුපියල් කෝටි 25කට අධික මෙම ආයෝජන සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව ගෙන තිබෙන ක්‍රියාමාර්ග කුමක්දැයි හෙළිවී නැත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්