සේනා දළඹුවා රුවන්ඩා හමුදාවටත් පහර දෙයි

සේනා දළඹුවා රුවන්ඩා හමුදාවටත් පහර දෙයි

සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා උපදෙස් ලබා ගැනීමට රුවන්ඩාවේ හමුදා ප්‍රධානීන් කණ්ඩායමක් ආණ්ඩුව විසින් ගෙන්වා තිබුණද මේ වනතුරුත් එම දළඹු උවදුර මැඩපැවැත්වීමට හැකිවී නැති බව ගොවීහු පවසති.

අදාළ හමුදා කණ්ඩායම මෙරටට ගෙන්වා මේ වනවිට මාස දෙකකට අධික කාලයක් ගතවී ගොස් තිබේ. නමුත් විශේෂයෙන්ම බඩඉරිඟු වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වී එම වගාව සහමුලින්ම පාහේ විනාශ කළ මෙම දළඹු උවදුර කුරක්කන් ඇතුළු වෙනත් වගාවන්ටද පැතිරීමට පටන් ගෙන ඇති බව රටපුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වේ.

මෙම දළඹු වසංගතයෙන් විනාශයට පත්වූ ගොවීන් සඳහා නිසි පරිදි වන්දි ලබා දීමේ ක්‍රියාමාර්ග ආණ්ඩුව විසින් මේ දක්වා සිදුකොට නොමැත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්