දීර්ඝ කාලයක් පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටියදී ගාල්ල අක්මීමණ කොහෙල්ගස්හේන ප්‍රදේශයේ නිවසකදී මියගිය සිටි 82 හැවිරිදි කාන්තාවක කොවිඩ් – 19 ආසාදිත බවට කරාපිටිය ශික්ෂණ රෝහලේදී කරන ලද PCR පරීක්ෂණයෙන් අද (25) තහවුරු කර ගෙන තිබේ.
ඇයි මියගොස් ඇත්තේ ඊයේ (24) පස්වරුවේය. පසුව සිරුර නිවසේ සිට කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ගෙනවිත් ඇත.
එහිදී සිදු කළ PCR පරීක්ෂණයේදී ඇය ආසාදිතයෙකු බව අනාවරණය වී ඇතත් ඇයට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් හඳුනාගෙන නැත. එම නිවසේ කිසිවෙකුට හෝ වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන නොතිබූ බවත් එම නිවසේ කිසිවෙකුත් හෝ නිරෝධායන ක්‍රියාවලියක හෝ සිට නැති බවත් වැඩිදුරටත් වාර්තා වේ.
0










