වෙඩි තැබීමකින් ධීවරයෙක් මරුට

වෙඩි තැබීමකින් ධීවරයෙක් මරුට

පානදුර උතුර පල්ලිමුල්ලදී සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී අද (25) උදෑසන ත්‍රි රෝද රථයකට එල්ල කළ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ ගමන්ගත් පුද්ගලයකු හිසට වෙඩි වැදීමෙන් බරපතල තුවාල සහිතව රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

වෙඩිතැබීම සිදුවන අවස්තාවේදී ත්‍රිරෝද රියෙහි තිදෙනකු සිට ඇති බවත් ඔවුන් ධීවරයින් බවත් මේ වනවිට අනාවරණය වී ඇති අතර වෙඩි තැබීම සිදු කළ යතුරුපැදියකින් පැමිණි දෙදනා නාඳුනන බවත් එම දෙදෙනා වෙඩිතබා පළාගොස් ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ වලාන ගැමුණු මාවතේ පදිංචි 32 පුද්ගලයෙකි.

වෙඩිතැබීමට හේතුවක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා පානදුර උතුර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්