මනාල යුවළකට කොවිඩ් – 19 ආසාදිත බවට හඳුනා ගැනීම නිසා හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පැවැති විවාහ මංගලෝත්සව දෙකකට සහභාගී වූ පවුල් 100ක පමණ 325ස් දෙනෙකු ඊයේ (24) සිට ස්වයං නිරෝධායනයට ලක් කළ බව හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය පවසයි.
වටරැක ප්‍රදේශයේ පදිංචි තරුණියක් හම්බන්තොට ප්‍රදේශයේ තරුණයෙකු සමඟ විවාහ ගිවිස ගැනීම වෙනුවෙන් කඩුවෙල රණාල ප්‍රදේශයේ උත්සව ශාලාවක මංගල උත්සවය පවත්වා අති අතර එම මනාල යුවළට මෙලස කොවිඩ් – 19 ආසාදනය වී තිබේ.
මනාල යුවල කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි හෝටලයක සිටියදී ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් සිදුකළ PCR පරීක්ෂණයකදිය.
එමෙන්ම හෝමාගම පිටිපන ප්‍රදේශයේ උත්සව ශාලාවක තවත් විවාහ මංගල උත්සවයක් පවත්වා ඇති අතර එහි සිටි මනාල යුවළ ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.
මෙම අවස්ථා දෙකටම 300ක පමණ පිරිසක් සහභාගි වී ඇති බවත් එම අවස්ථා දෙකටම සහභාගී වීමට නොහැකි වූ තවත් 25 දෙනෙකුට සංග්‍රහ කිරීමේ අවස්ථාවක් වටරැක ප්‍රදේශයේ මනාලියගේ නිවසේ පවත්වා අති බවත් වාර්තා වේ.
ඒ අනුව ආසාදිත යුවළ පැවැත්වූ උත්සව තුන සඳහා සහභාගි වූ 325 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බවත් ඔවුන් ඉදිරියේදී PCR පරීක්ෂණයට ලක් කිරීමට නියමිත බවත් වාර්තා වේ.
මෙම පිරිස කඩුවෙල, හෝමාගම, පාදුක්ක, කහතුඩුව, පිළියන්දල සහ මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශවල පදිංචි කරුවන් බවද වාර්තා වේ.










