දකුණේ, මධ්‍යම තුන්පොළක් ලොක්ඩවුන්

දකුණේ, මධ්‍යම තුන්පොළක් ලොක්ඩවුන්

රට තුළ පවතින කොවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් අද (25) උදෑසන 06 සිට ක්‍රියාත්මක වන පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ තුනක් හුදකලා කර තිබේ.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 140 – බෝලාන දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි මැක්කොණිය ගම්මානයත් පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාමනිලධාරී වසමත් මෙලෙස හුදකලා කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්