පසුගිය ජූලි 23 සිට මේ වසරේ ජනවාරි 16 දක්වා ගතවූ මාස හය තුළ මෙරටට නීතිවිරෝධීව ගෙන්වන ලද කහ කුඩු කිලෝ ලක්ෂ 10ක් ශ්‍රී ලංකා රේගුව තුළ තිබෙන බව වාර්තා වෙයි. මේ කහ කුඩුවලට කුමක් කරන්නේද යන්න පිළිබඳව රජය මෙතෙක් දැනුම් දී නැත. එතෙක් මෙම කහකුඩු ශ්‍රී ලංකා රේගුවට අයත් ඔරුගොඩවත්ත ගබඩාවේ තැන්පත් කර ඇත. ශ්‍රී ලංකාවේ වාර්ෂික කහකුඩු අවශ්‍යතාවය කිලෝග්‍රෑම් 7000කි.
නීති විරෝධීව කහකුඩු ලංකාවට ගෙන ඒම පිළිබඳව සිදුවීම් 25ක් අතරින් මේ වනවිටත් රේගුව විමර්ශනය කර ඇත්තේ සිදුවීම් දෙකක් පමණි. කොරෝනා වසංගතය නිසා තම නිලධාරීන්ට පරීක්ෂණ කටයුතු කිරීමට බාධා වී ඇතැයි රේගු අධිකාරී එන්.පී.පී රත්නායක පවසයි.
(Sunday times ඇසුරිණි)
1










