ඔලිම්පික් ශූරියට සිදු වූ ලිංගික අතවරයෙන් සයිප්‍රසය ‘සප්‍රයිස්’ වෙයි

ඔලිම්පික් ශූරියට සිදු වූ ලිංගික අතවරයෙන් සයිප්‍රසය ‘සප්‍රයිස්’ වෙයි

ඔලිම්පික් වෙඩිතැබීමේ ශූර සයිප්‍රස් ක්‍රීඩිකා ඇන්ඩ්‍රි එලෙෆ්තූරියේ විසින් හෙළිදරව් කළ ලිංගික අපචාරයක් නිසා එරට ඉමහත් ආන්දෝලනයක් හටගෙන ඇත.

2006 ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී සහ 2008 චීනයේ බීජිං ඔලිම්පික් තරඟ අතරතුර මෙම අතවරයන් සිදුවූ බව මෙම ජාත්‍යන්තර පදක්කම්ලාභී ක්‍රීඩිකාව විසින් සයිප්‍රස් පොලිසියට පැමිණිලි කර ඇත. ඒ පසුගියදා එරට අධිකරණ අමාත්‍ය එමිලි ඉයෝලිටිස් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුවය.

මෙම සිදුවීම පිළිබඳ ප්‍රථම වරට හෙළිදරව් වූයේ 2018 මුල් කාලයේදීය. සයිප්‍රසය තුළ මෙවැනි ලිංගික අතවරයන් වාර්තා වන්නේ ඉතා කලාතුරකිනි. “මාගේ ඉදිරිපත්වීම අනෙක් අයට ධෛර්යයක් වේවි. මෙවැනි අතවරයන් නතර කිරීමට නම් මෙම නිහඬතාව බිඳ දැමිය යුතුයි” යැයි ඇන්ඩ්‍රි ප්‍රකාශ කර තිබුණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්