ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ඉන්න සෝපානය අපට තහනම් – අශ්වින්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ඉන්න සෝපානය අපට තහනම් – අශ්වින්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පැවති තුන්වන ටෙස්ට් තරඟය අතරතුර දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සමඟ එකට සෝපානය (Lift) පාවිච්චි කිරීමට තමන්ට ඉඩ නොදුන් බව ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් හෙළිදරව් කරයි.
ඉන්දීය පන්දු රකින පුහුණුකරු සමඟ යූටියුබ් සාකච්ඡාවකට එක්වෙමින් අදහස් පල කල රවිචන්ද්‍රන් අශ්වින් “අපි දෙගොල්ලොම හිටියේ එකම ජෛව ආරක්ෂිත බුබුල ඇතුලේ. ඒත් පුදුමයට කාරණාව තමයි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් සෝපානය පාවිච්චි කරද්දි ඒ සෝපානයට ඇතුල් වෙන්න අපට අවස්ථාව දුන්නේ නෑ.” යනුවෙන් පවසයි.
“ඒක බොහොම වේදනාකාරි අත්දැකීමක්.” රවිචන්ද්‍රන් අශ්වින් වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්