අබුඩාබි සිට ත්‍රිකුණාමලය වරායට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු නෞකාවක් කුඩා රාවණ කොටුව ප්‍රදිපාගාරය අසලදී වැලිපරයක ගැටී සිරවී ඇතැයි වාර්තා වේ.
බල්ගේරියානු ධජය යටතේ ලියාපදිංචි කර තිබූ එම්.වී.යුරෝසන් නැමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව මෙලෙස අනතුරට පත්වී ඇත.
අනතුරට පත් නෞකාව අසලට නාවික හමුදා යාත්‍රා දෙකක් මේ වන විට යොමුකර ඇතැයි නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසයි.
1










